Latest News

ලෙනොවෝ K920 ඔබේ දුරකථනය යල් පැන ගිය එකක් කරයි !

640x427xlenovo-k920-flagship.jpg.pagespeed.ic.qdjHp4F6Sx


ඔබ භාවිතා කරන්නේ Xperia Z Ultra  හෝ  Ascend Mate2 ($299 නවතම ඇමරිකානු සම්ප්‍රාප්තිය) වැන්නක් නොවේනම්, බොහොවිට ඔබේ දුරකථනය  ලෙනොවෝ K920 අසලින්වත් නොයන එකක් විය හැක.


Lenovo Vibe Z2 Pro ලෙසද හැඳින්වෙන K920 ජංගම දුරකථනය  අඟල් හයක ලෝහ පතුරක් සිහිකරවන අතර සුපැහැදිලි Quad HD තිරයක් හා  4,000-mAh බැටරියකින් සමන්විතයි. එය ඔබගේ රසයට ප්‍රමාණවත් නොවේ නම්  Snapdragon 801 ප්‍රොසෙසරය, 3GB RAM මතකය , 32GB දත්ත ගබඩාව, 16MP optical image stabilization හා dual-tone flash අඩංගු පසුපස කැමරාව සහ  5MP ඉදිරිපස කැමරාව ඒ අදහස වෙනස් කරාවි.


lenovo k920 vibe z2 pro (1)


ඔප දැමු ඇලුමිනියම් වලින් වටකළ ,  පික්සෙල් 2560 x 1440 ක විභේදනයකින් යුත් තිරය හා  ලෙනොවෝ වර්ණවත් කිට්කැට් 4.4 මෙහෙයුම් පද්ධතිය මේ දුරකථනය ස්ටාර්ක් ලැබ් (අයන් මෑන්) එකේ නිෂ්පාදනයක් සිහිකරවයි.


Engadget China අඩවියේ වීඩියෝව පහතින්.




K920 දුරකථනය බොහෝවිට  Vibe Z2 Pro ලෙස වෙළෙඳපොළට යොමුවනු ඇත. නමුත් එහි මිල ගැන තවම අපට සඳහන් කල නොහැක. ෂැන්හයි Mobile Asia Expo ප්‍රදර්ශනයේදී එලි දැක්වුණු මෙය තවමත් නිල වශයෙන් නිකුත් වී නොමැත.


ප්‍රමාණයෙන් විශාල  K920 වැනි දුරකථන එතරම් සිත් නොගත්තත්  බහුමාධ්‍ය උපාංග බහුල ආසියාවේ මේවා ශීග්‍රයෙන් ව්‍යාප්ත වේ. ලෙනොවෝ වැනි ආසියානු වෙළෙඳපොල දැවැන්තයෙකු මෙවන් දුරකථන යුරෝපීය වෙළෙඳපොල හා තරග වැදීමට යැවීම නතර කල නොහැක.

No comments :

Post a Comment

SLDroid™ Designed by codemotions.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.