Latest News

සැම්සුන්ග් ගැලැක්සි S5 දුරකතනයට ඇන්ඩ්‍රොයිඩ් 4.4.3 යාවත්කාලීනය මේ මාසයේ

samsung galaxy s5 aa (11 of 36)


සැම්සුන්ග් ගැලැක්සි S5 දුරකතනයට ඇන්ඩ්‍රොයිඩ් 4.4.3 යාවත්කාලීනය මේ මාසයේ නිකුත්වන බව ආරංචි මාර්ග වල සඳහන් වේ. එසේම ගැලැක්සි S4 සඳහා ජූලි මාසයේ මෙය ලබාගත හැක. මෙය ඇන්ඩ්‍රොයිඩ් යාවත්කාලීන ලබාදුන් වේගවත්ම කාලයයි.


ඇන්ඩ්‍රොයිඩ් 4.4.3 යාවත්කාලීනය ජුනි මුලදී නිකුත් වී මේ වනවිට  Nexus,Google Play Edition හා  Motorola දුරකථන වලට ලැබෙමින් පවතී.


මේ ආරංචිය ලැබෙනුයේ සැම්සුන්ග් ආයතනයෙන් කාන්දු වූ ලේඛනයක් මගිනි. එහි සඳහන් පරිදි  SM-G900F හා SM-G900H මාදිලි දෙක මේ මාසයේ යාවත්කාලීන වෙනු ඇත. පළමුවෙන්ම international unlocked මාදිලියත්, ක්‍රමයෙන් සෙසු මාදිලි වලටත් ව්‍යාප්ත වීමට සලස්වා ඇත.


Galaxy-S5-and-Galaxy-S4-Android-4.4.3-600x340


සේවා සැපයුම්කරුගේ  locked මාදිලි සඳහා මේ යාවත්කාලීනය නිකුත් වීමට තවත් කාලයක් ගතවෙනු ඇත. කෙසේ වෙතත් මෙතෙක් නෙක්සස් දුරකථන සඳහා පමණක් අත්විඳි වේගවත් යාවත්කාලීන සහය අනෙකුත් සමාගම් වලටද ව්‍යාප්ත වීම ඇන්ඩ්‍රොයිඩ් රසිකයන්ගේ ප්‍රසාදයට පාත්‍ර වී තිබේ.


Samsung Galaxy S4 hands-on


මෙම ආරංචි මාර්ගය අවසන් මොහොතේ වෙනස් වීමට ඉඩ ඇති බවත් සටහන් කරමු.

No comments :

Post a Comment

SLDroid™ Designed by codemotions.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.