Latest News

Pi Locker මගින් ඔබේ lockscreen එක මතට ඉඟි සහය.

Pi Locker


ඔබ ඔබේ දුරකතනයේ  lockscreen එක මත වැඩි වේලාවක් බලා නොසිටිනු ඇත, නමුත් එය සාක්කුවෙන් එලියට ගත් විගස ඔබට දකින්නට ලැබෙන තීරයයි. මේ නිසාම ඇතැම්විට එය මීට වඩා ප්‍රයෝජනවත් වුවා නම් හොඳ යැයි ඔබට සිතෙනු ඇත. ඔබගේ දුරකථන නිෂ්පාදකයා අනුව වෙනස්වන මෙම අගුලු තිරය ඔබට අවශ්‍ය පරිදි කළමනාකරණය කරගත හැකිය.


CyanogenMod  පැරණි සංස්කරණයන්හි පැවති ඉඟි සහය මගින් ඔබට රූපක මගින් නියෝග ලබාදීමේ පහසුව සලසා තිබිණි . යම් හේතුවකට CyanogenMod කණ්ඩායම  CM9 සංස්කරණයේදී මේ පහසුකම නවතා දැමීය.


තුන්වන පාර්ශවීය මෘදුකාංගයක් වන Pi Locker යනු XDA Developers විසින් නිකුත් කල නවතම ඉඟි සහය ඇප් එකයි.  තවමත් මූලික අදියරේ පවතින මෙය පහසුකම් කීපයක් ගෙනදෙයි. අගුලු ඇරීම, බ්ලූටූත් පහසුකම සක්‍රීය කිරීම, වයිෆයි,වයිබ්රේට් හා නාදයන් ක්‍රියාත්මක කිරීම,ෆ්ලෑෂ් ලයිට් ආදිය මේ අතර වනවා.


තවමත් ප්‍රාථමික අවධියේ පැවතුනත්, මෙය ඉක්මනින් සියලු පහසුකම් සහිත අංගසම්පුර්ණ මෘදුකාංගයක් ලෙස එළිදැක්වෙන බවට එහි නිර්මාපකයන් පවසනවා.

No comments :

Post a Comment

SLDroid™ Designed by codemotions.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.