Latest News

ඇන්ඩ්‍රොයිඩ් දුරකථන රූට් කිරීම

රූට් කරනවා කියන්නෙ ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධතිය මත පවතින ආරක්ෂක උපක්‍රමයක් ඉවත් කර, භාවිතා කරන්නාට පූර්ණ බලතල ලබාදීමක්. රූට් කල ස්මාර්ට්ෆෝන් එකකට බොහෝ දේ කල හැකියි. කස්ටම් ෆර්ම්වෙයා ගැසීම, ඕනෑම මෘදුකාංගයක් ස්ථාපනය කිරීම/ඉවත් කිරීම, ඕවර්ක්ලොක් කිරීම මින් කිහිපයක්.

ඇන්ඩ්‍රොයිඩ් ව්‍යාප්තියත් එක්ක රූට් කිරීමේ ක්‍රමවේදය දුරකථනයේ මාදිලිය අනුව වෙනස් වුනා. තවමත් එක මෘදුකාංගයකින් මේ වැඩේ කරගන්න හැකියාවක් නෑ. දුරකථන වර්ගය හා එහි අඩංගු ඇන්ඩ්‍රොයිඩ් වර්ෂන් එක අනුව රූට් කිරීමේ ක්‍රමය තෝරාගත යුතුයි. හරි අපි බලමු ඇන්ඩ්‍රොයිඩ් දුරකතනයක් පහසුවෙන් රූට් කරගන්නේ කොහොමද කියල.

Framaroot

මේ මෘදුකාංගය දැනට වෙළෙඳපොලේ ඇති ජංගම දුරකථන බොහොමයක් සඳහා සහය දක්වනවා. විස්තර සඳහා මෙතන කොටන්න.


මෘදුකාංගය බාගැනීමෙන් පසු සාමාන්‍ය පරිදි දුරකතනයට Install කරන්න. ක්‍රියාත්මක කලවිට මෙවන් මුහුණතක් ලැබේවි. සාර්ථකව රූට් වන තෙක් එහි ලැබෙන Exploit එකින් එක උත්සාහ කරන්න. සාර්ථක නම් මේ පණිවුඩය ලැබෙනු ඇත. එවිට OK ඔබා දුරකථනය රීස්ටාර්ට් කරන්න.


මෙතනින් බාගන්න 
Download



No comments :

Post a Comment

SLDroid™ Designed by codemotions.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.