Latest News

Paranoid Android 4.4 ස්ථාවර RC1 නිමැවුම

Paranoid Android Header


පරීක්ෂා කිරීමේ අදියර 7 කට පසුව Paranoid Android කණ්ඩායම සිය ස්ථාවර RC1 අදියරට පා තබා තිබෙනවා.


Paranoid Android යනු ඉතාම ජනප්‍රිය custom ROM එකක්. එය Hover හා  Peek වැනි විශේෂාංග මුලින්ම ස්මාර්ට් ජංගම දුරකථන වලට ගෙන ආ රොම් එකයි. දැන්  Paranoid Android 4.4 (නවතම  Android 4.4.3 මත පදනම් වූ) පොදු භාවිතය සඳහා ලබාගත හැකියි.


PA 4.4 RC1මගින් එහි අත්හදා බැලීම් සංස්කරණ වල හඳුන්වා දුන් විශේෂාංග වැඩිදියුණු කොට තිබෙනවා. සුපතල Hover, ඇප් නොටිෆිකේෂන් ඉදිරිපත්කිරීමේ වෙනස්ම ක්‍රමයක් ලබාදෙනවා.


තවත් එක් විශාල වෙනසක් වන්නේ  Theme Engine එකයි. මෙය  CyanogenMod කණ්ඩායමෙන් ලබාගත් සහයක්. එසේම, ParanoidOTA ඇප් එක අලුතින් නිමවා තිබෙනවා.


ඔබ  4.4.2 ROM එකකින් මෙයට පිවිසේනවානම්, අලුත් bootloader එක ෆ්ලෑෂ් කල යුතුයි. radio, Gapps හා recovery ආදිය මුලින් යාවත්කාලීන කරගන්න.


PA 4.4 RC1  නූතන Nexus දුරකථන සඳහා  මෙතනින් ලබාගත හැකියි.

No comments :

Post a Comment

SLDroid™ Designed by codemotions.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.