Latest News

Doogee Valencia DG800 විවරණය

Doogee Valencia DG800 promoචීනය, ඇන්ඩ්‍රොයිඩ් දුරකථන නිර්මාපකයන් අනන්තවත් සිටින රටකි. කෙසේවෙතත් Doogee යනු අන්තර්ජාල වෙළෙඳපොලේ බහුලව කියවෙන නාමයකි.  Doogee Valencia DG800 ඔවුන්ගේ නවතම හඳුන්වාදීමකි. DG800 හේතු කීපයක් නිසා අන් දුරකථන වලට වඩා ඉදිරියෙන් සිටී. එක එහි මිල ඩොලර් 113 කි, දෙවනුව  එහි පිටුපස ඇති සිත් ඇදගන්නා ස්පර්ශ සංවේදකයයි, තෙවැන්න එහි අඩංගු 13MP super wide angle කැමරාව , සහ අවසාන වශයෙන්  ඇන්ඩ්‍රොයිඩ්  4.4 කිට්කැට් මෙහෙයුම් පද්ධතියයි.


මෙතරම් අඩු මිල දුරකතනයකින් ඔබ බලාපොරොත්තු වන්නේ වෙන මොනවාද ?



පහසුකම්


මෙහි මිල හා සසඳන විට සිත් ඇදගන්නා දෑ  නම් quad-core ප්‍රොසෙසරය, 1GB RAM මතකය හා  8GB ගබඩා පහසුවයි. මේ සියලු පහසුකම් ලබාදීමට ඔවුන් අඩුකර ඇත්තේ තිරයයි. කෙසේවුවත් QHD  (960×540)තිරය , බජට් වර්ගයේ ජංගම දුරකතනයකට එතරම් ගැටළුවක් නොවේ.






















































Display4.5-inch IPS QHD (960 x 540)
Processor1.3GHz MT6582 Quad Core
RAM1GB
Storage8GB, microSD card slot, up to 32GB
Camera13 Megapixel Rear Camera & 8 Megapixel Front-Facing Camera
Battery2000 mAh
ConnectivityGPS, microUSB 2.0, Wi-Fi b/g/n, Bluetooth
Networks3G/WCDMA: 850/2100 MHz
SoftwareAndroid 4.4 with Google Play
Dimensions138 x 67 x 9 mm
138 grams
ColorsWhite
SIM slots1x Normal SIM, 1x Micro SIM

නිර්මාණය


Doogee Valencia සරල පෙනුමකින් සමන්විතයි. සුදු අයිෆෝන්  3GS එකක පෙනුම සහිත, නමුත් පැතලි පසුපසකින් යුතු මෙහි  ඉදිරිපස කළු පැහැයෙන් නිමවා පහල සංවේදක බොත්තම් තුනක් අඩංගු කර ඇත.


දුරකථනය පිටුපස සංවේදක පැනලයකි. එය ඔබගේ දබරැඟිල්ල මගින් ක්‍රියා කරවිය හැක. ඉදිරිපස තිරය නොඅල්ලා Swipe කිරීමට හා Press කිරීමට හැකිය. වෙබ් පිටු හෝ ලිපිගොනු කියවීමේදී මෙය ප්‍රයෝජනවත් වෙනු ඇත.


පැහැදිලිවම මෙය නිෂ්පාදනයේ පහසුව සලකා තැනුවකි. නමුත් මෙය අවලස්සන බවක් ඉන් අදහස් නොවේ. විලාසිතා වලින් තොර ලස්සන සරල බවක් සහිත නිර්මාණයකි.




ක්‍රියාකාරිත්වය


Doogee Valencia භාවිත කරනුයේ  MediaTek MT6582 pප්‍රොසෙසරයකි. 17,645 ක අගයක් AnTuTu බෙන්ච්මාක් වල සටහන් වේ. එය Samsung Galaxy S3 දුරකතනයට ආසන්න අගයකි. $113කට පාඩුයිද? මෙය අනවශ්‍ය සිරවීම් වලින් තොරව ක්‍රියාත්මක වන අතර සෑහෙන සෞම්‍ය බවක් පෙන්වයි.


ත්‍රිමාන ක්‍රීඩා සඳහා 60.2 fps අගයක් පෙන්වා ඇත. විභේදනය අඩු නිසා  ත්‍රිමාන සජීවීකරණ දැක්වීම පහසු වනු ඇත.


Doogee Valencia DG800 AnTuTu



බැටරිය


2000mAh ක බැටරියකින් සමන්විත නිසා වැඩි ආයු කාලයක් පැවතිය යුතුය. කෙසේ වුවත් පරීක්ෂා කිරීමේදී ත්‍රිමාන ක්‍රීඩා සඳහා  පැය 1.6ක් (මෙය ඉතාම අඩු අගයකි) YouTube සඳහා පැය 2.5 ක්, MP4 නැරඹීමට පැය 3.5ක් , MP3 ගීත පැය 8ක් ලෙස සටහන් විය. නමුත් Standby අවස්ථාවේ බැටරිය ඉතා හොඳින් පැවතුනි.


මෙයට හේතුව කුමක්ද? බැටරියේ ප්‍රමාණය වැරදියට දක්වා තිබීම, හෝ මා පරීක්ෂා කල දුරකතනයේ බැටරිය දෝෂ සහිත වීම. ඇතැම්විට මෙහෙයුම් පද්ධතිය නිසිලෙස කළමනාකරණය නොකිරීම විය හැක. මේ ඇන්ඩ්‍රොයිඩ් 4.4 මාදිලියේ ප්‍රථම චීන නිෂ්පාදනය නිසා එසේ වීමට බොහෝ දුරට පුළුවන. ඉදිරියේදී මෙයට පිලියමක් යෙදෙනු ඇතියි අපේක්ෂා කල හැක.



කැමරාව


Doogee Valencia දුරකථනය  Android 4.4 මත ක්‍රියාකරන නිසා ගූගල් කැමරා ඇප් එක ක්‍රියාත්මක කල හැක. super wide angle 13MP කැමරාව මෙහි මිල හා සසඳන කල ඉතා හොඳ මට්ටමක ඇත.




සම්බන්ධතා


Valencia යනු බජට් 3G දුරකතනයකින් ලැබෙන සියලු සම්බන්දතා සහිත දුරකතනයකි. Wi-Fi ( 802.11 b/g/n), Bluetooth, 2G GSM හා 3G මේවායි. ඩුවල් සිම් පහසුකම් සහිත අතර ආසියානු කලාපයේ බොහෝ රටවල් සඳහා පවතින 3G සේවාවන් සමග ක්‍රියා කරයි. නමුත් ඇමරිකාව තුල බොහෝ 3G පරාසයන්ට සහය නොදක්වයි.



මෘදුකාංග


Doogee Valencia ක්‍රියාත්මක වන්නේ  Android 4.4 මතයි. එකම වෙනස launcher එකයි.  KitKat Launcher එක වෙනුවට මෙහි පැමිණෙන්නේ මේ වර්ගයේ පැරණි දුරකතන වල launcher එකකි . එය ගැටළුවක් සේ සැලකිය නොහැක්කේ Play Store මගින් ඔබ කැමති launcher එකක් භාවිතා කල හැකි නිසායි.


Doogee Valencia DG800 Software


මේ සමග ගූගල් ප්ලේ ඇප් එක පැමිණෙන අතර සියලුම ගූගල් සේවාවන් පහසුවෙන් ලබාගත හැකිය.



මිල හා නිගමනය


මෙහි මිල සලකා බැලුවොත් Doogee Valencia වල දෝසයක් සෙවීම අපහසුය. quad-core ප්‍රොසෙසරය, 1GB මතකය, 13MP කැමරාව හා අඟල් 4.5 තිරය, මේ සියල්ල ප්‍රශංසනීයයි.නමුත් මෙහි දුර්වලතා කීපයක් පවතී., විශේෂයෙන්ම අඩු බැටරි ආයු කාලයයි. ඒ කෙසේවුවත් ඔබට ලැබෙන්නේ ඔබ ගෙවන මිලට සරිලන පහසුකම්ය.

No comments :

Post a Comment

SLDroid™ Designed by codemotions.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.