Latest News

ONEPlus ජංගම දුරකථන අද සිට වෙළෙඳපොළට...

oneplus one aa (8 of 34)


මේ සතියේ මුලදී ONEPlus One ලෝලීන් කනගාටුවට පත් කරමින් එහි බෙදාහැරීම් කටයුතු අත්හිටවුනා. මෘදුකාංග දෝෂයක් නිසා මෙසේ කල බවයි නිෂ්පාදකයන් දැනුම් දුන්නේ. දැවැන්ත ප්‍රචාරණ ව්‍යාපාරයකින් පසුව එලි දැක්වුණු "FLAGSHIP Killer" දුරකථනය මෙසේ ප්‍රමාද වීම රසිකයන්ගේ දෝෂ දර්ශනයට ලක්වුණේ ක්ෂනිකවයි.


නමුත් දැන් අවසානයේ සමාගමට සිය බෙදාහැරීම් සිදුකිරීමට හැකිවී තිබෙනවා. අවසන් මොහොතේ ඇතිවූ ප්‍රමාදය මගහැර මෘදුකාංගය අලුත්වැඩියා කිරීමට ඔවුන් සමත් වී තිබෙනවා. මේ ඔවුන්ගේ නිවේදනයක්:




"අප බෙදාහැරීම් කටයුතු ප්‍රමාද කලේ පළමු දුරකථන මාදිලියේ හටගත් දෝෂය නිවැරදි කර පරිශීලකයාට උපරිම රසාස්වාදයක් ලබාදීම සඳහායි.. ඒ සඳහා CyanogenMod කණ්ඩායම ඉතා කාර්යක්ෂමව වැඩ කළා. Open SSL ගැටලුව දැනටමත් විසඳා අවසන්. ප්‍රථම OnePlus One නැව්ගත තොගය මුලින්ම ඇනවුම් කල අයට අද සිට බෙදාහරිනවා."



ඉතින් ඔබත් මෙය ඇනවුම් කල අයෙක් නම්ඉ ක්මනින් එය ඔබ වෙත ලඟා වේවි.


ප්‍රමාදය ගැන CyanogenMod සමාජීය කළමනාකරු  Abhishek Devkota ප්‍රකාශ කලේ  Open SSL ආරක්ෂණ ක්‍රමවේදයේ දෝෂය අලුත්වැඩියා කිරීමට ජුනි 5 දින දක්වා ගතවූ බවත් එහි අත්හදාබැලීම් කටයුතු සඳහා කාලය අවශ්‍ය බැවින් බෙදාහැරීම ප්‍රමාද කිරීමට සිදුවූ බවත් ය.


No comments :

Post a Comment

SLDroid™ Designed by codemotions.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.