Latest News

ඇන්ඩ්‍රොයිඩ් රූට් කිරීම - 2

Samsung ස්මාර්ට්ෆෝන් රූට් කිරීම

Framaroot ක්‍රමයට රූට් කල නොහැකි සැම්සුන්ග් දුරකථන රූට් කිරීමට මේ ක්‍රමය බාවිතා කල හැකියි. මේ සඳහා අවශ්‍ය වෙන්නේ 
  1. USB Driver
  2. Odin
  3. ClockWorkMod ( ඔබේ ෆෝන් මොඩල් එකට ගැලපෙන CWM ගොනුව ලබාගන්න )
  4. SuperSU

ක්‍රියාවලිය ඇරඹීමට ප්‍රථම ඔබේ දුරකථන බැටරිය සම්පූර්ණයෙන් Recharge වී ඇත්දැයි බලන්න.

පළමුව USB Driver එක Install කරන්න.
SuperSU Zip ගොනුව ෆෝන් මෙමරියට කොපි කරන්න.
ෆෝන් එක ඕෆ් කර පරිගණකයෙන් ගලවන්න.
CWM Zip ගොනුව තුල ඇති recovery.tar.md5 ෆයිල් එක ලබාගන්න.
Volume DOWN + Home + Power බොත්තම් එකවර ඔබමින් ෆෝන් එක ඔන් කරන්න.
Warning screen එකක් ලැබෙනු ඇත. Volume UP ඔබන්න.
දැන් ෆෝන් එක පරිගණකයට සම්බන්ධ කරන්න.
Odin මෘදුකාංගය ක්‍රියාත්මක කරන්න. එහි ඇති ID:COM හි නිල් පැහැයෙන් දැක්වෙනු ඇත.
Auto Reboot හා F. Reset Time හි ඇති ලකුණු ඉවත් කරන්න.
PDA අසල හරියක් දමා එම බොත්තම ඔබන්න.
දැන් පෙර ලබාගත් recovery.tar.md5 ෆයිල් එක තෝරන්න.



Start බොත්තම ඔබන්න.
PASS ලෙස දිස්වූ පසු ෆෝන් එක ගලවන්න.
දැන් නැවතත් Volume UP + Home + Power බොත්තම් ඔබන්න.
Power බොත්තම අතහරින්න. CWM Recovery කරා ඔබව යොමුවෙනු ඇත.


Volume up/down හා Power බොත්තම් භාවිතයෙන් install zip -> choose zip from internal sdcard-> 0/ වෙත යොමුවෙන්න.
SuperSU zip ගොනුව තෝරා Yes - Install ලබාදෙන්න.
අවසානයේ reboot system now තෝරන්න.

දැන් ඔබේ දුරකථනය සම්පූර්ණයෙන්ම රූට් වී අවසන් !!!

No comments :

Post a Comment

SLDroid™ Designed by codemotions.com Copyright © 2014

Theme images by Bim. Powered by Blogger.